එකදිගට දෙවතාවක් ලිංගිකව එකතු වුනොත් වෙන දේ ගැන ඔබ දැනුවත්ද?


දෙවතාවක් එකදිගට ලිංගිකව එකතු වුනොත් පිරිමින්ගේ සරුභාවය තෙගුණ වෙනවා

උතුරු මිඞ්ල්සෙක්ස් රෝහලේ වෛද්යරුන් පිරිසක් විසින් මෑතකදී සිදුකරනු ලැබූ පර්යේෂණයක ප‍්‍රතිපල පිළිබඳවයි අපි ඔබව දැනුවත් කරන්නේ. පැයක් වැනි කෙටි කාලයක් ඇතුලත එකදිගට දෙවරක් ලිංගිකව එකතු වුනොත් පිරිමි පුද්ගලයාගේ සරුභාවය තෙගුණයකින්ම ඉහල යන බව එම පර්යේෂණයෙන් හෙළිවී තිබෙනවා. ඉන් අදහස් කරන්නේ දරුවෙකු පිළිසිඳ ගැනීමට වැඩි අවස්තාවක් ඇතිබවයි.

මෙම පර්යේෂණය සඳහා අඹු සැමියන් 73 දෙනෙකු සහභාගී කරගෙන තිබුනා. පැයක් වැනි කාලයකදී මද සරු භාවයෙන් යුතු පිරිමි පුද්ගලයින්ගේ ශුක‍්‍රානු සාම්පල් දෙකක් ලබාගත් අතර දෙවෙනි ශුක‍්‍රානු සාම්පලයේ ඇති ගුණාත්මක භාවය දුටු වෛද්‍යවරුන් පුදුමයට පත්වුනා කිව්වොත් නිවැරදියි, මොකද එම ශුක‍්‍රානු සාම්පලයේ ගැබ්දැරීමේ හැකියාව සියයට 20කින් පමණ ඉහල ගොස් තිබුනා. අනෙකුත් ශුක‍්‍රානු සාම්පලය හා සසඳා බලන විට දෙවෙනි ශුක‍්‍රානු සාම්පලයේ සරුභාවය 3 ගුණයකින් පමණ ඉහලගොස් තිබෙනවා.

මද සරුභාවය වැනි තත්වයකින් පීඩා විඳින පුද්ගලයින්ට මෙම ක‍්‍රමවේදය උත්සහ කරබැලීමෙන් සාර්ථක ප‍්‍රතිපල අත්කරගන්නට පුළුවන්. මොකද ඉහත සිදුකරන ලද පර්යේෂණයෙන් එය මනාව ඔප්පුකොට තිබෙනවා.

එකදිගට දෙවතාවක් ලිංගිකව එකතු වුනොත් වෙන දේ ගැන ඔබ දැනුවත්ද? එකදිගට දෙවතාවක් ලිංගිකව එකතු වුනොත් වෙන දේ ගැන ඔබ දැනුවත්ද? Reviewed by walaya on 10:15:00 AM Rating: 5
Powered by Blogger.